Chase Away SL Jihadists - රටේ ද්‍රෝහීන් පන්නන ජාතික පෙත්සම

kadol

/ #36

2012-05-02 23:19

අල්කයිඩා තිප්පලක් වටලා අනාගත සැලසුම් හෙලිවේ
May 2, 2012 at 3:11 am | Lanka C News.
අල්කයිඩා තිප්පලක් වටලා අනාගත සැලසුම් හෙලිවේ

අල්කයිඩාවේ රහස් තිප්පලක් හරහා ඔවුන්ගේ රහස් තොරතුරු අඩංගු ලියවිලි ගොනුවක් හසුකර ගැනීමට ජර්මන් පොලීසිය සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ලියවිලි ‘අනාගන සැලසුම්’ යන නාමයකින් ඔවුන් සටහන් කර තිබූ අතර ගුවන් යානා කොල්ලකෑම් ඇතුළු යුරෝපය පුරා සිදුකිරිමට සැලසුම් කරන ලද ත‍්‍රස්ත ජාල වල සැලසුම් ඒ අතර තිබී හමුවී ඇති බවට පොලිස් වාර්තා පෙන්වා දෙයි.

ජර්මානු අපරාධ පොලීසිය ඒ අනුව මැක්සූඩි ලෝඩින් නැමැත්තකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු නොයෙක් ආකාරයේ දත්ත ගොනු (Memory cards ) ඔහුගේ ඇඳුම්වල සඟවා ගෙන තිබී පොලිසිය භාරයට ගෙන ඇති අතර ඔවුන්ගේ සැලසුම් අඩංගු ලියවිලි 100 කට අධික ප‍්‍රමානයක් මෙහිදී සොයාගෙන ඇති බවත් වාර්තා වේ.

කලක් සිදුකල ලියවිලි පරීක්ෂාව මගින් ඔවුන් විසින් පෙර සිදුකළ සැලසුම් හා දැනට සිදුකරන්නට යන මෙහෙයුම් පිලිබද ලබා ගත් දත්ත කෙරේ ජර්මානු සෝදිසි මෙහෙයුම් අංශ විසින් වැඩි අවධානයක් ලබා දී ඇත. මෙම සැලසුම් වල කිසිදු නමක් සඳහන් නොවුනද කරන ලද නිරික්ෂණ වලින් මෙහි ඇතුළු වෘතාන්නය අල්කයිඩාවේ නායකත්වයේ සලකුණු පෙන්නුම් කරන බවත් ඊට අමතරව ඔවුන් 2008 හා 2009 වසර වල කරන ලද සැලසුම්ද මේ අතර දක්නට තිබූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් නවතම සැලසුම් අතර කුඩා ප‍්‍රහාර තැනින් තැන යුරෝපය පුරා පතුරවමින් ඔවුන්ගේ අවධානය ඒ දෙසට යෙදෙන අතරතුර දැවැන්ත ඉලක්කයක් ඒ අතරට කි‍්‍රයාත්මක කිරීම මේ සැලසුම් අතර තිබුණ බවට පොලිස් වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.